ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා.
සිංගප්පූරුවේ පැවති ICC වාර්ෂික සමුළුවේදී මෙම තීරණය අනුමත කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පැවැත්වීමේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනය ඊට දැක් වූ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව 2021 වසරේ පැවැති අවසන් මහා තරගය ඇතුළුව මේ දක්වා පැවැති සෑම අදියරකම (2023, 2025) අවසන් මහා තරග සඳහා ද සත්කාරකත්වය ලබාදී ඇත්තේ එංගලන්තයයි.
2023–2025 අදියරට අදාළ ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය පසුගිය මාසයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති අතර, එහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.