ඊයේ පැවති කාන්තා එක්දින ලෝක කුසලානයේ ඉන්දියාව හා එංගලන්තය අතර තරගයෙන් ලකුණු 4ක ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම තෝරාගත් එංගලන්ත ක්‍රීඩිකාවන් කඩුලු 8ට ලකුණු 288ක් ලබාගැණීමට සමත් වුණා.
එංගලන්තය ශක්තිමත් ලකුණු පුවරුවක් වෙත රැගෙන යාම සඳහා හීදර් නයිට් ලකුණු 109ක් ලබාගත්තා. ඒ ඇයගේ තුන්වන එක්දින ශතකයයි. එමී ජෝන්ස් ලකුනු 56යි.
පන්දු යැවීමේදී දීප්ති ශර්මා කඩුලු 4ක් දවාගනිමින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායනේ පළැමු කඩුලු 2 ලකුණු 42ට දැවි ගිය පසු ස්ම්‍රිති මන්දනා හා නායක හර්මන්ප්‍රීත් කොවුර් එක්ව තුන්වන කඩුල්ල සඳහා ලකුණු 125ක සබඳතාවයක් ගොඩනැගුවා.
හර්මන්ප්‍රීත් ලකුණු 70කට දැවී ගිය අතර මන්දනා ලකුණු 88ක් ලබා සිටියදී දැවී ගියා.
මන්දනාගේ දැවීයාමෙන් පසුව ඉන්දීය ක්‍රීඩිකාවන් දැඩි පීඩනයකට හසු වූ අතර ඔවුන්ට ලබාගත් හැකි වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 284ක් පමණයි.
හර්මන්ප්‍රීත් දැවී යනවිට ඉන්දීය කණ්ඩායමට කඩුලු 7ක් අතැතිව ජයග්‍රහණය සඳහා ලබාගත යුතුව තිබුණේ පන්දු 57ට ලකුණු 57ක් පමණයි.
කෙසේ වෙතත් එතැන් පටන් දැඩි පීඩනයක් එල්ල කළ එංගලන්ත පන්දු යවන්නන් ඉන්දීය ජයග්‍රහණය වලකාලමින් ඔවුන්ගේ ඉනිම ලකුණු 284ට සීමා කළා.
මේ ජයග්‍රහණයත් සමග එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට සඳ්හා සුදුසුකම් ලැබුවා.
මේ පරාජය මෙවර ලෝක කුසලානයේ ඉන්දීය ක්‍රීඩිකාවන් පිටි පිට ලැබූ තුන්වන පරාජයයි. ඒ අනුව ඔවුන්ගේ මීළඟ වටයට පිවිසීමේ හැකියාව තවමත් අවිනිශ්චිතයි.
නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරගය මීළඟ වටය සඳහා තීරණාත්මකයි.