සිකුරාදා, නොවැ. 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක පරාජයක්
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා දෙවනි ඉනිමේ කඩුලු 9ක් බිඳවැටෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ජේ ශා නැවතත් ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධුරයට නිතරගයෙන් පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලානය 9 වන වරටත් ඉන්දියාව දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගයට ඉන්දියාව හා පාකිස්තානය සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    වසර 73ට පසුව නවසීලන්තය පරදා වේල්ස් කණ්ඩායම රග්බි තරගයක් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3ක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 3, 2026
©Getty Images
බෙදාගන්න

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බිහි වූ විශිෂ්ටතම මෙන්ම ප්‍රවේගකාරීම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ග්ලේන් මැක්ස්වෙල් (Glenn Maxwell) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ‘The

Big Show’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ 38 හැවිරිදි මැක්ස්වෙල්, සිය වසර 14 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට මෙලෙස සමුදෙන්නේ ක්‍රිකට් ලෝලීන් මවිත කළ අමතක නොවන මතක රැසක් ඉතිරි කරමිනි.

මෑතකදී නිමාවට පත් වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඕමාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය තමාගේ අවසන් ජාත්‍යන්තර තරගය ලෙස ක්‍රීඩා කළ බව ඔහු පැවසුවා.

කණ්ඩායමේ ඉදිරි අනාගතය සහ තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමේ අරමුණින්, කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළඹුණු බව ඔහු ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, ඔහු ඉදිරියේදී T20 ලීග තරග සඳහා දිගටම ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරයි.

ග්ලේන් මැක්ස්වෙල්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දත්ත (Career Stats)

සිය ක්‍රීඩා දිවිය තුළ ආක්‍රමණශීලී පිතිහරඹයකින් සහ දක්ෂ පිට දඟ පන්දු යැවීමකින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණ රැසකට රැගෙන යාමට මැක්ස්වෙල් සමත් වුණා.

එදිනෙදි තරග (ODIs): තරග 149 කදී ලකුණු 3,990 ක් රැස් කර ඇති අතර, ඊට විශිෂ්ට ශතක සහ අර්ධ ශතක රැසක් ඇතුළත් වේ. ඔහුගේ ප්‍රහාරක වේගය (Strike Rate) 126.7 ක් ලෙස සටහන් වේ. විශේෂයෙන්ම, 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව දැඩි ශාරීරික අපහසුතා මධ්‍යයේ ඔහු ලබාගත් ද්විත්ව ශතකය (නොදැවී ලකුණු 201*) ක්‍රිකට් ඉතිහාසයේ අද්විතීය ඉනිමක් ලෙස සෑලකේ.

විස්සයි20 ජාත්‍යන්තර තරග (T20Is): තරග 130 කට ක්‍රීඩා කර ඇති මැක්ස්වෙල්, 154.42 ක ඉහළ ප්‍රහාරක වේගයකින් යුතුව ලකුණු 2,897 ක් ලබා ගෙන තිබේ. ජාත්‍යන්තර විස්සයි20 පිටියේ ශතක 5ක් රැස් කර ඇති ඔහු, ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැලේදී රැස් කළ නොදැවී ලකුණු 145* ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව යි.

ටෙස්ට් තරග (Tests): ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 7 කට ක්‍රීඩා කර ඇති ඔහු, ඉන්දියාවට එරෙහිව ශතකයක් ද වාර්තා කොට තිබේ.

කඩුලු : සුවිශේෂී දකුණත් පිට දඟ පන්දු යවන්නෙකු වන මැක්ස්වෙල්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 136 ක් බිඳ දමා තිබේ.

Glenn Maxwell's stats
©cricinfo

ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ 2015 සහ 2023 එක්දින ලෝක කුසලානවලදී මෙන්ම 2021 විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයේදී ද මැක්ස්වෙල්ගේ දායකත්වය අතිශයින් තීරණාත්මක වුණා.

ක්‍රිකට් ක්‍රීඩාවට නව මානයක් හා නව ජවයක් එකතු කළ ක්‍රීඩකයෙකු ලෙස ග්ලේන් මැක්ස්වෙල් ක්‍රීඩකයන්ගේ මෙන්ම ලොව පුරා සිටින ක්‍රීඩාලෝලීන්ගේ හදවත්වල සදානුස්මරණීය ලෙස රැඳෙනු නියතයි.

TAGGED:AustraliaGlenn Maxwell
පෙර ලිපිය කිමී ඇන්ටනෝලි ලාබාලතම ෆෝමියුලා 1 ලෝක ශූරයා බවට පත්වෙයි
Next Article 19න් පහළ ආසියානු කුසලානය සමාරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ටී 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 2 යි
Shubman Gill
ක්‍රිකට්

ඉන්දීය නව ටෙස්ට් නායකත්වයට ශුබ්මාන් ගිල්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

T20 ලෝක කුසලානයේ තරග සැලසුම වෙනස් නොකිරීමට ICCය තීරණය කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?