2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ දෙවන තරගය ඊයේ පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි. තරගය පැවැතුණේ ඉන්දෝර් හීදීයි.
ඊයේ තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 49.3 දී සියලු කඩුලු දැවී ලකුණු 326ක් ලබාගැනීමට සමත් වුණා.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඈෂිලි ගාඩ්නර් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් පන්දු 83ට ලකුණු 115ක් ලබාගත්තා. ඊට අමතරව ෆීබී ලිච්ෆීල්ඩ් ලකුණු 45ක් ලබාගත්තා.
නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ජෙස් කර් හා ලීහ් තුහුහු කඩුලු 3 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කාන්තා කණ්ඩායමට සියලු කඩුලු දැවී ලබාගත හැකි වුණේ ලකුණු 237ක් පමණයි.
කෙසේ වෙතත් හුදකලා සටනක නිරත වූ නායිකා සොෆී ඩිවයින් ලකුණු 111ක් ලබාගත්තද අනෙක් අන්තයෙන් මෙම දැවැන්ත ලකුණු ප්‍රමාණය හඹායෑමට අවශ්‍යය තරම් සහයක් ලැබුණේ නැහැ.
ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ලෝක කුසලානයට සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු තරගය ලකුණු 89කින් ජයගත්තා.
තරගයේ වීරයා ඈෂ්ලි ගාඩ්නර්.