2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව හා පාකිස්තානය අතර තරගය ඊයේ කොළඹදී පැවැත්වුණා. වර්ෂාවෙන් බාධා වූ එම තරගය ලකුණු 150කින් ජයගැනීම දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත් වුණා.
පාකිස්තානු කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළා.
වර්ෂාව නිසා තරගය පන්දුවාර 40ට සීමා වූ අතර කඩුලු 9ක් දැවී දකුණු අප්‍රිකානු කන්ඩායම ලකුණු 312ක් ලබාගත්තා.
ලෝරා වොල්වාර්ඩ් ලකුණු 90ක්, මරිසන් කැප් නොදැවී ලකුණු 68ක් හා නදීන් ඩි ක්ලාර්ක් වේගවත් ලකුණු 41ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී සදියා ඉක්බාල් හා නෂ්‍රා සන්ධු කඩුලු 3 බැගින් දවාගත්තා.
විටින් විට ඇද හැළුණු වර්ෂාව නිසා පාකිස්තානු ඉනිම අවස්ථා 3දී නතර කළ අතර අවසානයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 20ට ලකුණු 234ක ඉලක්කයක් ලබාදුන්නා.
කෙසේ වෙතත් පකිස්තානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 83ක් පමණයි.
සිද්‍රා නවාස් නොදැවී ලකුණු 22යි. පිතිකරණයේදී මෙන්ම පන්දු යැවීමේදීත් සාර්ථක වූ මරිසන් කැප් කඩුලු 3ක් දවාගත්තා.
ඒ අනුව මේ තරගය ලකුණු 150කින් ජයගැනීමට දකුනු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සමත් වු අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයද ලබාගත්තා.
තරගයේ වීරයා මරිසන් කැප්.