බංග්ලාදේශය සමග පැවැති තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 74 කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
කෙසේ වෙතත් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමිවුණේ බංග්ලාදේශටයි.
මීර්පූර්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළා.
පකිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 178ක් රැස්කිරීමට සමත් වුණා.
ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ සහිබ්සාඩා ෆර්හාන් පන්දු 41කදී ලකුණු 63ක් රැස් කළා.
හසන් නවාස් ලකුණු 33ක් සහ මොහොමඩ් නවාස් ලකුණු 27ක් ලබා ගත්තා.
බංග්ලාදේශ වෙනුවෙන් පන්දු යැවීමේදී ටස්කින් අහ්මඩ් හා නසුන් අහ්මඩ් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුණා
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශයට පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී ලබා ගතහැකි වූයේ ලකුණු 104ක් පමණි.
බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 25 ක් තුළ දවාගැනීමට පාකිස්තානය සමත් වීම විශේෂත්වයක්.