බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලිය නිමාවීමෙන් පසුව එළඹෙන 2වෙනිදා සිට සීමිත ඕවර තරගාවලිය ආරම්භවීමට නියමිතය.
මේ තරගාවලිය සඳහා එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතයි. එක්දින තරග 3 ජූලි මස 2, 5, හා 8 දිනවල පැවැත්වීමට නියමිත අතර විස්සයි විස්ස තරග 3 ජූලි මස 10, 13 හා 16 වනදා පැවැත්වීමට නියමිතයි.
එක්දින තරගාවලියේ පළමු තරග 2 කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීත් තුන්වන තරගය පල්ලෙකැලේ ජාත්‍යයන්තර පිටියේත් පැවැත්වීමට නියමිත අතර තරග තුනම දිවා රාත්‍රී ලෙස පැවැත්වීමට නියමිතයි.
එක්දින තරගාවලිය සඳහා නම්කොට ඇති ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.
- චරිත් අසලංක (නායක)
- කුසල් මෙන්ඩිස්
- පැතුම් නිශ්ශංක
- අවිශ්ක ප්‍රනාන්දු
- නිශාන් මධුශ්ක
- සදීර සමරවික්‍රම
- වනිඳු හසරංග
- ජනිත් ලියනගේ
- කමිඳු මෙන්ඩිස්
- අසිත ප්‍රනාන්දු
- ඩිල්ශාන් මධුසංක
- එශාන් මාලිංග
- මිලාන් රත්නායක
- මහීෂ් තීක්ෂණ
- ජෙෆ්‍රි වැන්ඩර්සේ
- දුනිත් වෙල්ලාලගේ