කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ (ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර) තරග තීරක වගකීම ශ්‍රී ලංකාවේ මිචෙල් පෙරෙයිරාට හිමිව තිබෙනවා.
ඒ අනුව ඇය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසාන මහා තරගයක තරග තීරක ලෙස ක්‍රියා කරන පළමු අවස්ථාව මෙයයි.
මීට පෙර පසුගිය වසරේ ඩුබාහි පැවැති T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරඟයේ තරග තීරක වගකීම ඇය විසින් දැරූ අතර අවසන් මහා තරගයේදී එම අවස්ථාව ඇයට හිමි වූයේ නැහැ.