නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන් ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ මාලදිවයින් පරාජය කරමින්.
තරගයේ 17 වැනි මිනිත්තුවේදී ඉමේෂා වර්ණකුලසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් පලමු ගෝලය වාර්තා කළා.
තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් මාලදිවයින ගෝල වාර්තා කලේ නැහැ.
ඒ අනුව තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තේ ගෝල 1 ට 0 ක් ලෙසයි.