ශ්‍රී ලංකාව සහ තුර්කිමෙනිස්තානය අතර ආසියානු කුසලානයට ඩී කාණ්ඩය යටතේ සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගය අද පස්වරු 3.45 රීඩ් මාවතේ තුරඟ තරග පිටියේදී ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව ඩී කාණ්ඩය යටතේ තරග 2කට සහභාගි වී ඇති අතර චීන තායිපේ පිල ගෝල් 3-1 කින් පරාජයට පත් කළ අතර තායිලන්තය සමග තරගය ද පරාජය විය.
ඒ අනුව තුර්කිමෙනිස්තානය සමග තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය.
තුර්කිමෙනිස්තානය ජාත්‍යන්තර තරග 6කදී ශ්‍රී ලංකාව මුණගැසී ඇති අතර ඉන් 5 වතාවක් තුර්කිමෙනිස්තානය පෙරමුණ ගෙන තිබේ.