ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර ලබන හෙට සහ අනිද්දා දෙදින කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි.
ඊට සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස කවිදු පෙරේරා නම් කර තිබෙනවා. නම් කළ කණ්ඩායමට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුලත්
තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මූලික වටයේදී සී කාණ්ඩයෙන් තරග වදිනවා.
ඊට උස්බෙකිස්ථානය, සිංගප්පූරුව සහ චීනය යන කණ්ඩියම් ඇතුලත්.
ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට මූලික වටයේදී එෆ් කාණ්ඩයෙන් තරග වදින අතර තායිලන්තය, හොංකොං සහ සිංගප්පූරුව ඊට ඇතුලත් සෙසු කණ්ඩායම්.
චීනයේ පැවති මෙම තරගාවලියේ පළමු අදියරේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට 04 වන ස්ථානයත්, කාන්තා කණ්ඩායමට 09 වන ස්ථානයත් හිමිවුණා.
හෙට සහ අනිද්දා දෙදින පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ප්‍රේක්ෂකයින්ට නොමිළයේ නැරඹිය හැකි බවයි ශ්‍රී ලංකා රග්බි සංගයම ප්‍රකාශ කළේ.