මීටර 200 මිශ්‍රආර පිහිනුම් කාත්නා ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට, හිරුකි ද සිල්වා සමත් වුණා. ඒ, සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන තේරීම් තරගාවලියේදී.
ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර පිහිනුම් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම වෙනුවෙන් මෙම තරගාවලිය පැවැත්වෙනවා.
ඒ, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 69 දෙනෙකුගේ සහභාගීත්වයෙන්. හිරුකි ද සිල්වා නව වර්තාව පිහිටුවනු ලැබුවේ මිනිත්තු 2 යි, තත්පර 26 යි දශම 6 යි පහක කාලයක් වාර්තා කරමින්. මීට පෙර එහි වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ කිමිකෝ රහීම් ක්‍රීඩිකාවයි.