49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ පිරිමි ශූරතාව උතුරු මැද පළාත හිමි කරගත්තා. එහි කාන්තා ශූරතාව හිමිවුණේ බස්නාහිර පළාතට.
ජාතික මහා ක්‍රීඩා උලෙළ මෙවර දිස්ත්‍රික් 3 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. ඒ ගාල්ල, මාතර සහ කොළඹ දිස්ත්‍රික් වලදි.
කඹ ඇදීමේ තරග ඊයේ පැවැත්වුණේ ගාල්ල දඩැල්ල ක්‍රීඩාගංණයේදි.
පළාත් 9 ම නියෝජනය කරමින් ඊට කණ්ඩායම් එක්ව සිටියා. කාන්තා අවසන් තරගය පැවැත්වුණේ බස්නාහිර සහ මධ්‍යම පළාත් කණ්ඩායම් අතර. එහි ශූරතාව බස්නාහිර පළාතටත් අනුශූරතාව මධ්‍යම පළාතටත් හිමිවුණා.
පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණේ උතුරු මැද සහ දකුණු පළාත් කණ්ඩායම්. ශූරතාව උතුරු මැද පළාතටත්, අනුශූරතාව දකුණු පළාතටත් හිමිවුණා.