බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, දෙවැනි තරගය ලකුණු 14 කින් ජය ගනිමින්.
තරගාවලිය, බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙනවා. දෙවැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම, පන්දුවාර 47 යි පන්දුවකදී සියලු ක්රීඩිකාවන් දැවී ලකුණු 208 ක් රැස් කළා.
විශ්මි ගුණරත්න ලකුණු 58 යි. හර්ෂිතා සමරවික්රම ලකුණු 35 ක් සහ චමරි අතපත්තු ලකුණු 32 ක් රැස් කළා.
පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩිකාවන්ට පන්දුවාර 48 කදී සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 194 ක් පමණයි.
ජැනලියා ග්ලස්ගෝව් ලකුණු 50 යි. පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි සහ ඉනෝකා රණවීර කඩුලු 3 බැගින් දවා ගත්තා. දෙව්මි විහංගා කඩුලු 2 යි. තරගාවලියේ තුන්වැනි තරගය, ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතයි.