දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහා නැමීබියාව යන රටවල්වල සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2027 වසර ICC (එක්දින) ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබන කණ්ඩායම් 10 තේරීපත්වුනා.
ඊයේ(10) දිනයේ පැවති අයර්ලත-ඇෆ්ගනිස්ථන තරගයේ ජයග්‍රහනයත් සමගයි එය සිදුවුනේ.
තියුණු මුහුණුවරක් ගත් එම තරගය ඇෆ්ගනිස්තානය කඩුලු 3 කින් ජයග්‍රහනය කිරීමත් සමග සිව්වන වරටත් ඔවුන් ICC (එක්දින) ක්‍රිකට් ලෝක කුසලනායක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
සත්කාරක රටවල් අතර සිටින ICC පූර්ණ සාමාජිකත්වය ලද රටවල් දෙක වන දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් මෙවර ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබන අතර, ඊයේ(10) දිනයෙන් පසු ශ්‍රේණිගත කිරීම්වල මීළඟට ඉදිරියෙන්ම සිටින අනෙකුත් කණ්ඩායම් 8 ත් 2027 වසර සඳහා සෘජුව සුදුසුකම් ලැබුවා.
- Australia
- India
- New Zealand
- Pakistan
- Sri Lanka
- England
- Afghanistan
- Bangladesh
ඒ අනුව අවාසනාවන්ත ලෙස බටහිර ඉන්දිය කොදෙව්වන් හට මෙවරත් ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීමට නොහැකි වූ අතර ඔවුන් අනෙකුත් කණ්ඩායම් සමග සුදුසුකම් ලැබීමේ වටය ජයග්‍රහනය කර ලෝක කුසලානයට පැමිනිය යුතුයි. එම වටයේදී තවත් කණ්ඩායම් 4 ක් තෙරී පත්වීමට නියමිතයි.
ඒ අනුව 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රීඩා කිරන සමස්ථ කණ්ඩායම් ගණන 14 ක්. තරගාවලිය එම වසරේ ඔක්තෝම්බර් මස 4 වනදා සිට නොවැම්බර් මස 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.