ඉන්දියාවට සමග පැවත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරිබණ්ඩාර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.
තරගය අද සිව්වැනි දිනටත් පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.
අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පන්දුව හිසේ සහ උරහිසේ වැදීම නිසා ආබාධයකට ලක් වූයේ ඉන්දීය දෙවැනි ඉනිමේ පන්දු රැකීමේ නිරත වෙමින් සිටියදීයි.
ඉන් අනතුරුව චන්දිමාල් රෝහල්ගත කළ අතර, ස්කෑන් පරීක්ෂණයකට ලක් කර කෙරුණා.
වෛද්‍ය වාර්තා ලැබෙන තෙක් මෙම පළමු තරගයෙන් චන්දිමාල් ඉවත්කර ඔහු වෙනුවට පසිඳු සූරියබණ්ඩාර කැඳවීමට තරග තීරකවරයාගේ අනුමැතිය හිමිව තිබෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.