ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායකත්වයට කුසල් මෙන්ඩිස්, පත් කර තිබෙනවා.
ඒ, අද නායකත්වයෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා වෙනුවටයි.
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සාකච්ඡාවකින් අනතුරුව කුසල් මෙන්ඩිස් මෙම තනතුරට පත් කළ බවට ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කළා.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාකිස්ථානයට එරෙහි ටෙස්ට් ක්රිකට් තරගාවලියේදී, කුසල් මෙන්ඩිස් ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.
ටෙස්ට් ක්රිකට් තරග 75කට ක්රීඩා කර ලකුණු 4836ක් රැස් කර තිබෙනවා.
ඊට ශතක 10ක් සහ අර්ධ ශතක 23ක් ඇතුළත්.