ඉන්දියාවේ පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පැවති පිරිමි මීටර 110 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට රොෂාන් රණතුංග සමත් විය.
ඒ තත්පර 13.90 ක කාලයකින් තරගය නිමා කරමින්
මෙහි රන් පදක්කම දිනා ගත්තේ ඉන්දියානු ක්‍රීඩකයෙකු විසින්.
මේ අතර කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ලක්ෂිකා සුගන්ධි සමත් වූණා.
ඇය සිය ඉසව්ව නිමා කලේ තත්. 13.98කින්.
මෙහි රන් හා රිදී පදක්කම් ඉන්දීය ක්‍රීඩිකාවන් දෙපළක් විසින් දිනාගත්හ.