26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ අද සමත් වුණා.
ඒ, එහි මූලික වටයේ තරග සඳහා සහභාගි වෙමින්.
තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ “ගුමී” හිදී.
රුමේෂ් තරංග මූලික වටයේ පළමු උත්සාහයේදීම මීටර 83.71 ක දක්‍ෂතාවක් දක්වමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.
සුමේධ රණසිංහ දැක්වූ දක්‍ෂතාව, මීටර 81.33 ක්. ඒ අනුව ඔහු ද අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.
මූලික වටයේ දක්‍ෂතා අනුව රුමේෂ් තරංග දෙවන ස්ථානයේ පසුවන අතර සුමේධ රණසිංහට සිව්වන ස්ථානය හිමිව තිබෙනවා