ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ සිව්වන තරගය ජය පරාජයකින් තොරව අවසන් තොරව අවසන් වුණා.
කාසියේ වාසිය දිනා එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඉන්දීයාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 358ක් රැස් කළා. එම ඉනිමේදී යසස්වී ජෛස්වාල් ලකුණු 58ක්, සායි සුදර්ශන් ලකුණු 61ක් හා රිෂාබ් පන්ට් ලකුණු 54ක් රැස්කළා.
පන්දු යැවීමේදි බෙන් ස්ටෝක් කඩුලු 5ක් හා ජොෆ්‍රා ආචර් කඩුලු 3ක් දවාගැනීමට සමත්වුණා.
ඊට පිලිතුරු වශයෙන් සිය පළමු ඉනිමට එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 669ක් ලබාගැනීමට සමත්වුණා.
එම ඉනිමට ජෝ රූට් ලකුණු 150ක්, බෙන් ස්ටෝක්ස් ලකුණු 141ක්, බෙන් ඩකට් ලකුණු 94ක් හා සැක් ක්‍රෝව්ලි ලකුණු 84ක්
රැස් කළා.
ඉන්දියාව වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4ක් ලබාගත්තා.
ඉන්දීය දෙවනි ඉනිම කඩුලු 4ට ලකුණු 425ක් ව තිබියදී පස්වන දිනට තරගය නිමාවුණා.
ඉන්දියාව වෙනුවෙන් ශුබ්මාන් ගිල්, වොෂින්ටං සුන්දර් හා රවීන්ද්‍ර ජඩේජා ශතක රැස් කළා.
තරග 5කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම තරග 2-1ක් ලෙස දැනට පෙරමුණේ සිටිනවා.