එංගලතය හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන තරගය නවසීලන්තය කඩුලු දෙකකින් ජයගත්තා.
මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ සියලු කඩුලු 41වන පන්දුවාරයේදී දැවී ගියා. ඔවුන් ලබාගත්තේ ලකුණු 222ක් පමණයි.
ජෙමී ඕවර්ටන් ලකුණු 68ක් ලබාගත් අතර ජොස් බට්ලර් ලකුණු 38ක් හා බ්‍රයිඩන් කාර්ස් ලකුණු 36ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී බ්ලෙයාර් ටික්නර් කඩුලු 4ක් දවාගත් අතර ජේකබ් ඩෆී කඩුලු 3ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම 45වන පන්දුවාරයේදී කඩුලු 8ක් දැවී ජයග්‍රහණය ලබාගත්තා.
රචීන් රවීන්ද්‍ර ලකුණු 46ක් හා ඩැරල් මිචෙල් ලකුණු 44ක් ලබාගත්තා.
නවසීලන්තය වෙනුවෙන් ජෙමී ඕවර්ටන් හා සෑම් කරන් කඩුලු 2 බැගින් දවාගත්තා.
මේ ජයග්‍රහණයත් සමග නවසීලන්ත කණ්ඩායම එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමට සමත් වුණා.
තරගයේ වීරයා බ්ලෙයාර් ටික්නර්, තරගාවලියේ වීරයා ඩැරල් මිචෙල්.