තවකාලිකව නවතා තිබූ ඉන්දියන් ප්‍රිමිය ලීග් (IPL) තරගාවලිය ලබන 17 වෙනිදා ආරම්භවීමට නියමිත අතර කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායමට තෝරාගෙන ඇත.
කුසල් මෙන්ඩිස් ටයිටන්ස් කණ්ඩායමට එක්වන්නේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බටලර්ගේ හිඩස පිරවීමටයි.
එලඹෙන එංගලන්තය හා බටහිර ඉන්දීය කණ්ඩායම අතර තරගාවලියට ජොස් බට්ලර් ඇතුලත් කොට ඇත.
කුසල් මෙන්ඩිස් පසුගිය සතිය දක්වා පකිස්තාන් සුපර් ලීග් (PSL) තරගාවලියේ ක්වාටාර් ග්ලැඩියේස් (QG) කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කළ අතර එම තරගාවලියද තවකාලිව නැවතූ පසු ආරක්ෂක හේතූන් මත ඔහු නැවත වම තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කළා.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ මේ ව්න විට තවත් කඩුලු රකින්නන් දෙදෙනෙක් සිට්නවා.
නමුත් පකිස්තාන් සුපර් ලීග් තරගාවලියේදී කුසල් මෙන්ඩිස් දක්ෂතා අතර සිටි අතර ඔහු තරග 5දී ලකුණු 143ක් ලබාසිටියා. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 168ක්.