ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය, ලකුණු 16 කින් ජයගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
ඒ අනුව පැවති තරග දෙකේදී, දෙපිලම තරග එක බැගින් ජයගෙන සම තත්වයේ පසුවනවා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය පැවැත්වුණේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඉනිම ආරම්භ කළේ, පර්වේස් හොසේන් සහ ටන්සිඩ් හසන්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 10 ක් වන විට ටන්සිඩ් හසන් ලකුණු 7 කට දැවී ගියා.
දෙවැනි කඩුල්ලට පර්වේස් හොසේන් සහ නජිමුල් හොසේන් ෂැංටෝ ගොඩනැගූ සබඳතාව ලකුණු 63 ක්. දෙවැනි කඩුල්ල ලෙස නජ්මුල් හොසේන් ලකුණු 14 කට දැවී ගිය අතර, පර්වේස් හොසේන් ලකුණු 67 යි. තවුහිද් හ්‍රිදෝයි ලකුණු 51 ක් රැස් කළා.
බංග්ලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 45 යි පන්දු 5 කදී ලකුණු 248 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක් දවා ගත් අතර, වනිඳු හසරංග කඩුලු 3 ක් බිඳහෙලුවා.
අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කරමින් පළමුවෙන් පිටියට පිවිසියේ, නිෂාන් මධුෂ්ක සහ පැතුම් නිස්සංකයි. පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 5 කට දැවී ගිය අතර නිශාන් නිෂාන් මධුෂ්ක ලකුණු 17 ක් ලබාගත්තා. කුසල් මෙන්ඩිස් ඊයේ තම එක්දින ක්‍රිකට් දිවියේ 34 වැනි අර්ධ ශතකය හිමිකර ගත්තා.
කමිඳු මෙන්ඩිස් ලකුණු 33 යි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටහන නිරත වූ ජනිත් ලියනගේ, තම පස්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 78 ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 232 ක්. දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ තන්දීර් ඉස්ලාම් කඩුලු 5 ක් දවාගතතා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වැනි එක්දින තරගය ලබන අඟහරුවාදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.