ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන එක්දින තරගය අද ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ කළා.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ට සියලු දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා.
ආරම්භක පිතිකරු පර්වේස් හුසේන් ඉමෝන් ලකුණු 67 යි. තව්හිද් හ්‍රිදෝයි ලකුණු 51ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා.
තමීම් හසාන් සකීබ් නොදැවී ලකුණු 33ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 35ට කඩුලු 4ක් ලබාගත්තා. වනිඳු හසරංග කඩුලු 3ක් ලබාගත් අතර දුශ්මන්ත චමීරට එක කඩුල්ලයි.
තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව ලකුණු 249ක් ලබාගත යුතුයි.