රාජ්ස්ථාන් රෝයල්ස් හා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
මුලින් පන්දුවට පහර දුන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 187ක් රැස් කළා.
චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩක ආයුෂ් ම්හාත්‍රේ ලකුණු 43ක් හා ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ලකුණු 42ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී රෝයල්ස් වෙනුවන් යුද්වීර් සිංග් හා ආකාෂ් මද්වාල් කඩුලු 3 බැගින් ලබාගත් අතර වනිදු හසරංග එක් කඩුල්ලක් ලබාගත්තා.
ලකුණු 188ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් පිතිකරුවන් පන්දුවාර 17දී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රහණය ලබාගැනීමට සමත් වුණා.
එහිදී ඉන්දියාවේ නවතම සොයාගැනීම වන වයස අවුරුදු 14ක් පමණක් වූ වෛභව් සූර්‍යවංශි ලකුණු 57ක්, නායක සංජු සැම්සන් ලකුණු 41ක් හා යසස්වී ජයිස්වාල් ලකුණු 36ක් ලබාගත්තා.
චෙන්නයි සුපර් කිංග්ස් වෙනුවෙන් රවිචන්ද්‍රන් අස්වින් කඩුලු 2ක් දවාගත්තා.
මෙම තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ ක්‍රීඩා කළ අවසන් තරගයයි.
චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග තවත් එක් තරගයක් ඉතිරිව පවතින අතර එම තරගයත් පරාජයට පත් වුවහොත් ඔවුන් අයි පී එල් ඉතිහාසයේ ලකුණු සටහනේ අවසානයේ සිටිමින් තරගාවලිය නිම කළ ප්‍රථම අවස්ථාව වනු ඇත.