ඊයේ දින පැවති දෙවන තරගයෙන් ලකුණු 2 තියුණු ජයක් ලැබීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිවයි.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම කඩුලු 5ට ලකුණු 180ක් ලබාගත්තා.
අයිඩන් මාක්‍රම් ලකුණු 66ක් හා ආයුෂ් බදෝනි ලකුණු 50ක් ලබාගත්තා.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු 2ක් දවාගත්තා.
ඊට පිළිතුරු වශයෙන් රාජස්ථාන් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි. යසස්වී ජයිස්වාල් ලකුණු 74යි. රියාන් පරාග් ලකුණු 39යි.
තවමත් වයස අවුරුදු 14ක් වයසැති වෛභව් සූර්‍යවන්ෂි ලකුණු 34ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ආවේෂ් කාන් කඩුලු 3ක් ලබාගත්තා.
තරගයේ වීරයා ආවේෂ් කාන්.