ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන් ඒ කණ්ඩායම අතර අද පැවති එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන් ඒ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 8ට ලකුණු 228ක්.
දර්විෂ් රසූලි ලකුණු 76යි.
පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු 4ක් ලබාගත්තා. වනුජ සහන් හා මිලාන් රත්නායක කඩුලු 2 බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ පිතිකරුවන් පන්දුවාර 39 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 232ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.
කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කමිල් මිෂාර ලකුණු 81ක් හා නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 51ක් ලබාගත්තා.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්වායිස් අහමඩ් කඩුලු 3ක් දවාගත්තා.
තරගයේ වීරයා තරිඳු රත්නායක.