අඟහරුවාදා, සැප්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
මළල ක්‍රීඩා

තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 12, 2025
බෙදාගන්න

3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩකාවන් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයෙ (11) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 22 දා සිට 31 වන දා දක්වා බහරේන් වල මනමාහිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩකාවන් 100 දෙනකු සහභාගි වන අතර, ක්‍රීඩකයින් 56 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 44 දෙනෙකු ඊට ඇතුලත්.

ඒ ක්‍රීඩා ඉසව් 12 ක් නියෝජනය කිරීම සඳහායි.

ඒ මළල ක්‍රීඩා, බැට්මින්ටන්, පැසිපන්දු, බොක්සින්, ඊස්පෝර්ට්ස්, ගොල්ෆ්, කබඩි, පිහිනුම්, ටයිකොන්ඩෝ, බීච් වොලිබෝල්, බර ඉසිලීම හා මල්ලව පොර යන ක්‍රීඩායි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව නිලධාරීන් සහ පුහුණුකරුවන් 54 දෙනකු මේ සඳහා සහභාගි වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන නිලධාරියා ලෙස (Chef-de-Mission – CDM) විශ්‍රාමික රියල් අද්මිරාල් මංජුල දිසානායක මහතා සහභාගී වන අතර නියෝජ්‍ය ප්‍රධාන නිලධාරියා ලෙස (Deputy Chef-de-Mission – DCDM) ගෘෘප් කපිතාන් නලින් වැවකුඹුර මහතා ඊට සහභාගී වනවා.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ලබන්නේ යොවුන් බොක්සින් ක්‍රීඩක ජනිදු ධනංජය හා යොවුන් මළල ක්‍රිඩිකා දිලිනි නෙත්සලායි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුභ්‍රමණියම් මහතා පැවසුවේ, මෙය යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්වර්ණමය අවස්ථාවක් බවත්, ඉන් ප්‍රයෝජන ගෙන ජාත්‍යන්තර තලයේ ඉදිරියට යාමට හැකියාව ඇති කරගත යුතු බවත්ය.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් ප්‍රවාහන, ආහාර හා නවාතැන් ඇතුළු සියලු වියදම් දරමින් මෙවැනි ජාත්‍යන්තර අත්දැකීම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ලබා දෙන්නේ අනාගත ජයග්‍රහණ උදෙසා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිල ඇඳුම් කට්ටල නිල වශයෙන් ප්‍රධානය කිරීමද මෙහිදී සිදු කෙරුණා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිල ඇඳුම් සහකරු ලෙස Carnage අත්වැල් බැඳ ගෙන සිටින අතර ඒවා නිල වශයෙන් භාරදීම Carnage හී නිර්මාතෘ හා අධ්‍යක්ෂක ජොඑල් තිල්ලේකරත්න මහතා අතින් සිදු කෙරුණා.

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමාරම්භක උළෙලේ නිල ඇඳුම් සහකරු ලෙස ඉදිරිපත් වී සිටියේ LOVI Ceylon ආයතනයයි.

ඒවා නිල වශයෙන් භාරදීම සිදුකරුණේ LOVI Ceylon හී නිර්මාතෘ අසංක ද මෙල් මහතාගේ සුරතින්.

2009 වසරේ සිංගප්පූරුවේ පැවති පළමු ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමි කර ගත් අතර 2013 වසරේ නැන්ජින් හි පැවති දෙවන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව හිමි කරගත් පදක්කම් සංඛ්‍යාව හයක්.

ඊට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් පහක් ඇතුළත්.

පෙර ලිපිය රශීඩ් කාන්ගේ සුපිරි පන්දු යැවීමෙන් බංලාදේශයට අමිහිරි පරාජයක්
Next Article ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අට දෙනෙකුට පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

දුර පැනීමෙන් ජයත්‍ර සම්පත්ට ලෝකඩ පදක්කමක්

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවට ආසියානු යොවුන් ක්‍රීඩා උළලේදී මේ වනවිට සමස්ත පදක්කම් 4ක්

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩා

පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිවයිනට පැමිණියා

කියවීමට මිනිත්තු 1 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශානුක කොස්තා දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?