26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් හිමි කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියා.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සංඛ්‍යාව 3 ක්.
තරගාවලිය දකුණු කොරියාවේ ගුමි නගරයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව මෙහිදී ලෝකඩ පදක්කම් 3 ක් හිමි කර ගත්තා.
මීටර 400 පිරිමි ධාවන ඉසව්වෙන් කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර, මීටර 400 හතර මිශ්‍ර සහය ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම හිමි වුණා.
එහිදී, ශ්‍රී ලංකාව නියෝජනය කළේ, කාලිංග කුමාරගේ සදෙව් රාජකරුණා, නිශේන්ද්‍රා ප්‍රනාන්දු සහ සයුරි මෙන්ඩිස්.
ශ්‍රී ලංකාව අනෙක් ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ, මීටර 400 හතර කාන්තා සහය ඉසව්වෙන්.
නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරා සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.
ඔවුන්, ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අතර, ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා