ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 16ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා උළෙලේ දෙවන ස්ථානය දිනාගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රීඩා උළලේදී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 10ක් සමගින් සමස්ත පදක්කම් 40ක් දිනාගැනීමට සමත් වුණා.
ක්‍රීඩා උළලෙ පළමු ස්ථානය දිනාගත් ඉන්දීය කණ්ඩායම රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 20 හා ලෝකඩ පදක්කම් 18ක් සමගින් සමස්ත පදක්කම් 58ක් දිනාගත්තා.
පදක්කම් සටහනේ තුන්වන ස්ථානය දිනාගත්තේ සමස්ත පදක්කම් 6ක් දිනාගත් නේපාලයයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැර වෙනත් කිසිදු රටකට මෙවර තරගාවලියේ කිසිදු රන් පදක්කමක් දිනාගැනීමට හැකි වුණේ නැහැ.