ආසියානු විසි කිරීමේ මලල ක්‍රිඩා තරගාවලියේදී හෙල්ල විසිකිරිමේ ඉසව්වෙන් රිදි පදක්කමක් හිමිකර ගැනීමට නදිෂා දිල්හානි ලේකම්ගේ අද සමත් වුණ. තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේදි.
නදිෂා දිල්හානි ලේකම්ගේ මෙහිදි දැක්වූ දක්ෂතාව මිටර 56 දශම 79ක්. එම දක්ෂතාව ඇය මෙවර තරග සමයේදී දැක්වූ හොඳම දක්ෂතාවයි. ඒ අනුව නදිෂා දිල්හානි ලේකම්ගේට රිදි පදක්කම හිමි වු අතර රන් පදක්කම ජපාන ක්‍රිඩිකාවක් හිමිකරගත්තා.
ලෝකඩ පදක්කම හිමිවුණේද ජපාන ක්‍රිඩිකාවටකට. මේ අතර තරගාවලියේ හෙල්ල විසි කිරීමේ පිරිමි තරගයට සහභාගී වූ සුමේධ රණසිංහ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.