ඉරිදා, මැයි 31, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    රාජස්ථාන් රෝයල්ස් පරදා ගුජරාට් ටයිටන්ස් අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    IPL වාර්තා අලුත් කරමින් පසලොස් වියැති සූර්‍යවංශි RR ඉදිරියට රැගෙන යයි
    කියවීමට මිනිත්තු 2 යි
    RCB පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කැරීබියන් දූපත් බලා පිටත් වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලිය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2026 අයිපීඑල් අවසන් මහා තරගය අදයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
Uncategorized

2026 අයිපීඑල් අවසන් මහා තරගය අදයි

By Pradeep Gurusinghe
Published: මැයි 31, 2026
©PTI
බෙදාගන්න

19 වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද අහ්මදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ රජත් පටිදාර්ගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ශුබ්මාන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර යි.

මෙවර තරගාවලියේ පළමු වටයේදී තරග 70ක් පැවැත්වුණු අතර ප්ලේ ඕෆ් වටයේ තරග 3 සමග තරග 73ක් මේ වන විට පවත්වා අවසන්.

මෙවර කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි ඒ කඩුලු 4 ලකුණු 265ක්. එම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලබාගත් ලකුණු 264 හඹාගොසින් වීම විශේෂත්වයක්.

මේ වන විට වැඩිම ලකුණුලාභී පිතිකරුවා ලෙස රැඳී සිටිමින් තැඹිලි වර්ණ හිස්වැස්මට හිමිකම් කියන්නේ තවමත් පහලොස් වියැති වෛභව් සූර්‍යවංශී යි. ඔහු තරග 16ට ක්‍රීඩා කොට ලකුණු 776ක් ලබාසිටින අතර ඔහු මේ වන විට හයේ පහර 72ක් එල්ල කොට තිබෙන අතර එය අයිපීඑල් ඉතිහාසයේම පිතිකරුවෙකු විසින් එක් තරගාවලියක් තුළදී ලබාගත් වැඩිම හයේ පහර සංඛ්‍යාවයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ක්‍රිස් ගේල් විසිනි.

මෙවර තරගාවලියේ මේ වන විට එක් ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා වන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් ය. ඔහු පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 112ට නොදැවී ලකුණු 152ක් ලබාගත්තා.

මෙවර වැඩිම කඩුලුලාභියා ලෙස දම් පැහැති හිස්වැසුම දරා සිටින්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ කගීසෝ රබාඩයි. ඔහු කඩුලු 28ක් ලබාගෙන ඇති අතර දෙවන ස්ථානයේ සිටින්නේ කඩුලු 26ක් ලබාගෙන සිටින ආර්සීබී කණ්ඩායමේ බුවනේෂ්වර් කුමාර් ය.

හොදම පිතිකරණ සබඳතාවය ලෙස මේ වන විට වාර්තාවන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් හා නිතිෂ් රනා අතර දෙවන කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 220ක සබදතාවය යි.

අද අවසන් මහා තරගයේදී තරග කරන ආර්සීබී කණ්ඩායම අවසන් තරගයට පැමිණෙන විට තරග 15ක් ක්‍රීඩා කොට ඉන් තරග 10ක් ජයගෙන ඇති අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග 16ක් ක්‍රීඩා කොට තරග 10ක් ජයගෙන ඇත.

ඒ අනුව කණ්ඩායම් දෙකම ඉතා ප්‍රභල ස්ථානයක රැඳී සිටින අතර අද අවසන් මහා තරගයේදී ඉතා උණුසුම් තරගයක් දැක බලා ගැනීමට හැකි වනු ඇත. තරගය ආරම්භවන්නේ පස්වරු 7.30ට යි.

පෙර ලිපිය රාජස්ථාන් රෝයල්ස් පරදා ගුජරාට් ටයිටන්ස් අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

Uncategorized

හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වෙන් අවසන් මහා තරගයට රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ

කියවීමට මිනිත්තු 1 යි
Uncategorized

රාජස්ථානයට එරෙහිව මුම්බයි ඉන්ඩියන්ස් ලකුණු 100ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Uncategorized

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අට දෙනෙකුට පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව

කියවීමට මිනිත්තු 1 යි
Uncategorized

ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ ශූරතා හතරම ඔස්ට්‍රේලියාව දිනාගනියි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?