පාකිස්ථාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට එරෙහි පළමු එක් දින ක්රිකට් තරගය ලකුණු 99 කින් ජය ගැනීමට ශ්රී ලංකා 17න් පහළ කණ්ඩායම සමත් වුණා.
මුල්තාන්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50තුළ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්යාව 239ක්.
මෙතුක ගුණරත්න ලකුණු 77 යි.
යෙනුල හේවාවිතාරණ ලකුණු 36 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ පාකිස්ථාන 17න් පහළ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 140කට දැවී ගියා.
සඳරු මල්ශාන් ලකුණු 16ට කඩුලු 3යි.
තිසංග පෙරේරා ලකුණු 19ට කඩුලු 2ක් බිද හෙලුවා.