බදාදා, ජූලි 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
    දසුන් ශානක පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන දිනය නිමාවන විට කොදෙව් කණ්ඩායම නැවතත් හිස ඔසවයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඕස්ට්‍රේලියාව හත්වන වරටත් කාන්තා T20 ලෝක ශූරියන් වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථානයක
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
    මොරොක්කෝව හා හා ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    ආජන්ටිනාව, කොලොම්බියාව හා ඊජිප්තුව 16 දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    බෙල්ජියම හා ඇමරිකාව අවසාන 16 වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය හා මෙක්සිකෝව අවසන් 16 දෙනාගේ වටයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

By Pradeep Gurusinghe
Published: ජූලි 8, 2026
©AFP/Getty Images
බෙදාගන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ඊයේ දින අවසන් වුණේ ජය පරාජයෙන් තොරව වූ අතර තරගාවලියේ ජය තරග 1-0ක් ලෙස ලබාගත්තේ කොදෙව් කණ්ඩායමයි.

පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 549ක් ලබාගෙන ඉනිම අත්හිටවූවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය පළමු ටෙස්ට් ශතකය ලබාගත් ලහිරු උදාර ද්විත්ව ශතකය පෙනෙන මානයේදී දැවී ගියේ ලකුණු 188ක් ලබාසිටියදීයි. එසේම තවත් නවක පිතිකරුවකු වන සොනාල් දිනූශ ලකුණු 92ට දැවී ගියා. කමිඳු මෙන්ඩිස් ලකුණු 84ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් ලබාගෙන ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජේඩ්න් සීල්ස් හා ශමාර් ජෝසෆ් කඩුලු 2 බැගින් ලබාගත්තා. අල්සාරී ජෝසෆ්, ඇන්ඩර්සන් ෆිලිප්, ජස්ටිං ග්‍රීව්ස්, රොස්ටන් චේස් හා කැවම් හොජ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

සිය පළමු ඉනිම සඳහා කොදෙව් කණ්ඩායම ලකුණු 499ක් ලබාගත්තා. එහිදී ජස්ටින් ග්‍රීව්ස් ලකුණු 180ක් ලබාගත් අතර ෂේ හෝප් ලකුණු 112ක් ලබාගත්තා. ජෝන් කැම්බල් ලකුණු 72යි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා. ප්‍රභාත් ජයසූරිය කඩූලු 3ක් දවාගත් අතර මිලාන් රත්නායක හා සොනාල් දිනූශ 1 කඩුල්ල බැගින් දවාගත්තා.

ලකුණු 50ක ඉදිරියක් සමගින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 9ට ලකුණු 251ක් ලබා පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් දිනේශ් චන්දිමාල් ලකුණු 71ක් ලබාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් හා ධනන්ජය සිල්වා ලකුණු 34ක් ලබාගත්තා.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා ලකුණු 302ක් අවශ්‍යය වුණා. කොදෙව් කණ්ඩායම දෙවන ඉනිම ආරම්භ කළේ අවසන් දිනයේ දිවා ආහරයෙනුත් පසුවයි. දිනය අවසානයේදී ඔවුන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 109ක් ලබාසිටියා. කොදෙව් ආරම්භක පිතිකරුවන් යුගලය වන ජෝන් කැම්බල් හා බ්‍රෙන්ඩන් කින්ග් නොදැවී ලකුණු 51ක බැගින් ලබාගත්තා.

ඒ අනුව අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරගාවලියේ වීරයා ලෙස පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ජස්ටිං ග්‍රීව්ස් හට හිමිවුණා.

ලොක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් වූ මේ තරගාවලිය 1-0ක් ලෙස ජයගැනීමට සමත් වුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

මේ තරගාවලි පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන 3කින් පසුබැස්සා. තරගාවලිය ආරම්භයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන ස්ථානයේ රැඳී සිටි අතර මේ පරාජයත් සමග හයවන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

මෙවර ටෙස්ට් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරග 4ක් ක්‍රීඩා කොට ඇති අතර ඉන් එක් තරගයක් ජයගෙන, එක් තරගයක් පරාජය වී, තරග දෙකක් ජයපරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත. ටෙස්ට් ශූරතාවයේ ශ්‍රී ලංකා කන්ඩායම තරග වදින මේ ලඟ ටෙස්ට් තරගාවලිය ඉන්දියවට එරෙහිව යි.

පෙර ලිපිය ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට බණ්ඩාරවෙලදී මුල්ගල් තැබේ!
Sponsored

You Might Also Like

Sam konstas
ක්‍රිකට්

සෑම් කොන්ස්ටාස් තරගාවලියෙන් ඉවතට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන තරගය ජයගෙන තරගාවලිය සමකරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක ශූරයන් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මෙවර ආසියානු කුසලානය ඉන්දියානු කණ්ඩායමට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?