ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය කඩුලු 7කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගය පැවැත්වුනේ දිල්ලි හීදි.
කාසියේ වාසිය දිනා ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 518ක් ලබාගෙන ඉනිම අත්හිටවූවා.
විශිෂ්ට පිතිකරණයක නියැළුණු යසස්වී ජයිස්වාල් ලකුණු 175ක් ලබාසිටියදී දුවද්දී දැවී ගියා. ඊට අමතරව ශුබ්මාන් ගිල් නොදැවී ලකුණු 129ක් හා සායි සුදර්ශන් ලකුණු 87ක් ලබාගත්තා.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජොමෙල් වාරිකන් කඩුලු 3ක් දවාගත්තා.
කොදෙව් කණ්ඩායමට සිය පළමු ඉනිමේදී ලබාගැනීමට හැකිවුණේ සියලු දෙනා දැවී ලකුණු 248ක් පමණයි.
ඇලික් ඇත්නේස් ලකුණු 41යි. පන්දු යැවීමේදී කුල්දීප් යාදව් කඩුලු 5ක් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3ක් දවාගත්තා.
නැවතත් සිය දෙවනි ඉනිම සඳහා ආරාධනා ලැබුණු කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 390ක් ලබාගත්තා.
එහිදී ජෝන් කැම්බල් ලකුණු 115ක් හා ශායි හෝප් ලකුණු 103ක් ලබාගත්තා.
පන්දි යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදව් හා ජස්ප්‍රිත් බුම්රා කඩුලු 3 බැගින් ලබාගත්තා.
ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට අවශ්‍යය වුණේ ලකුණු 121ක් පමණයි.
එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී හඹායෑමට ඉන්දියාව සමත් වුණා.
කේ. එල් රාහුල් නොදැවී ලකුණු 58යි. සායි සුදර්ශන් ලකුණු 39යි. ඉන්දීය දෙවන ඉනිමේ කඩුලු 2ක් දවා ගැනීමට රොස්ටන් චේස් සමත් වුණා.
ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් වූ මෙම තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.
මෙම තරගයේ වීරයා කුල්දීප් යාදව් වූ අතර, තරගාවලියේ වූයේ රවින්ද්‍ර ජඩේජා.