පාපන්දු ලෝක කුසලානයේ අතිශය තියුණු තරගයක් ඊයේ දින පැවැත්වුණා. ඒ ජර්මනිය හා පැරගුවේ කණ්ඩායම් අතරයි. එම තරගය ගෝල 1-1ක් හා දඩුවම් පහර 4ක් ලබා ජයගැනීමට සමත් වුණේ පැරගුවේ කණ්ඩායමයි.
තරගයේ 42 වන මිනිත්තුවේදී ජූලියෝ එන්කිසෝ විසින් පැරගුවේ වෙනුවෙන් පළමු ගෝලය ලබාගත් අතර තරගයේ 54 වන මිනිත්තුවේදී කායි හාවට්ස් ජර්මනිය වෙනුවෙන් ගෝලයක් ලබා තරගය සම මට්ටමට ගෙන ආවා.
පිළිමළුන් පිටු දැකීමේ තරග වටයක් වන මෙම අවසන් 32 වටයේ මෙම තරගය නියමිත විනාඩි 90වේදී කණ්ඩායම් 2ම සම තත්වයේ පසු වූ නිසා තවත් අමතර විනාඩි 30ක කාලයක් තරගය පැවැත්වුණා.
කෙසේ වෙතත් එම අමතර කාලයේදී කිසිම කණ්ඩායමක් ගෝල ලබාගැනීමට සමත් වුණේ නැහැ. ඒ අනුව තරගයේ ජය පැරදුම දඬුවම් පහර මගින් තීරණය වුණා.
ජර්මනිය වෙනුවෙන් ජොෂුවා කිමිච්, ජමාල් මුසියාලා හා නදීම් අමිරි සාර්ථකව දඬුවම් පහර මගින් ගෝල 3ක් රැස් කළ අතර මුරිෂියෝ, ගුස්තාවෝ ගෝමේස්, මතියාස් ගල්‍රර්සා හා ජොසේ කනාලේ ගෝල 4ක් ලබාගෙන තරගයේ පැරගුවේ වෙත රැගෙන ආවා.
ඒ අනුව ජර්මනිය තරගාවලියෙන් ඉවතට විසි වූ අතර පැරගුවේ කන්ඩායම අවසන් 16 දෙනාගේ මීලඟ වටයට සුදුසුකම් ලැබුවා.