මීටර 50 නිදහස් ආර කාන්තා පිහිණුම් ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකානු ක්‍රීඩිකා කේට් ඩග්ලස් සමත්වුනා. ඒ පෑන් පැසිෆික් පිහිණුම් තරගාවලියේදී.
තරගාවලිය අමෙරිකාවේ කැලිෆෝනියා හිදී පැවැත්වුණා.
කේට් ඩග්ලස් මිටර 50 නිදහස් ආර ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 23 යි දශම 1යි 9 ක දක්ෂතාවක් දක්වමින් නව ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවා.
ඇය බිදහෙලුවේ එම තරගාවලියේ මූලික තරගයේදී තත්පර 23 යි දශම 4 යි 9 ක් ලෙස තමා විසින්ම තබා තිබූ ලෝක වාර්තාවයි.
එම ඉසව්වේ රිදි පදක්කම අමෙරිකාවේ ග්‍රෙට්චන් වෝල්ෂ්ට හිමිවූනා. ඔස්ට්‍රේලියාව මෙග් හැරිසන් ලෝකඩ පදක්කම දිනාගත්තා.